Sunday, July 5, 2015

මෛත්‍රීගේ හැට දෙක


මහමැතිවරණයට යූඇන්පීය විසින් තේමා 2ක් ඔස්සේ සිය ප්‍රචාරණ කටයුතු දියත් කර ඇති බව ඔවුන්ගේ මැතිවරණ තේමා පාඨ සියුම්ව අධ්‍යනය කල විට පෙනී යයි.

1. ලක්ෂ 62ක් මහින්ද එපා කිව්වා
2. හොරුන්ට නොමිනේෂන් දෙන්න එපා

1. ලක්ෂ 62ක් එකහෙලා මහින්ද එපා කිව්වේ නැත.මෛත්‍රීට වැටුනු ඒ ලක්ෂ 62 ඇතුලත ගෙඩි පිටින් ගත්කල වෙන වෙන අරමුණු සැඟවී තිබිනි. නැගෙනහිර මුස්ලිම් ඡන්ද ගෙඩි පිටින් මෛත්‍රීට වැටුනේ ඔවුන් මෛත්‍රී හා සාකච්ඡාවෙන් වෙනම මුස්ලිම් පරිපාලන දිස්ත්‍රික්ක ඉල්ලා මෛත්‍රී ඒ සඳහා එකඟ වී තිබූ නිසාවෙනි. ඔවුන්ට ඡන්දය දිය යුත්තේ මහින්ද ද, මෛත්‍රී ද යන්න වැඩක් වූයේ නැත, ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ පටු ජාතිවාදී ඉල්ලීම් ඉටු කරදෙන නායකයකු රටේ ජනපති කිරීමය.


උතුරෙන් දමිළ ඡන්ද සැලකූ විට, අමුතුවෙන් ඇන ඇන ඇයි ඔවුන් මෛත්‍රීට ඡන්දේ දුන්නේ යැයි පෙන්නා දීම අවශ්‍ය වේයැයි නොසිතමි. ඊලාම් දේශය කරා යන ගමනේ  ඔවුන් ලැබූ එක් ජයග්‍රහණයක් ලෙස ජනවාරි 8 මෛත්‍රීගේ ජයග්‍රයණය දැක්විය හැක. මහින්ද පාක්ෂිකයන් කෙසේ චෝදනා කලද, එජාපය 'අපි රට බෙදන්නේ නැතෝ...' යැයි විලාප දිදී කිවෝය. නමුත් කටක් අරින්න බැරිවෙන්න, ප්‍රසිද්ධ මාධ්‍යයකට පැමින දෙමල සන්ධානයේ සුමන්තිරන් මෛත්‍රී හා ඔවුන් අතර රහසිගත ගිවිසුමක් පවතින බවත්, සිංහල ජනයා කෝප වන නිසා එය හෙළි නොකරන බවත් කීවේය. 

සාක්ෂි: https://youtu.be/bLWSaChQdHc?t=4m57s

තවද එල්ටිටීඊ සාමාජිකයින් බන්ධනාගාරවලින් නිදහස් කිරීම, අධි ආරක්ෂිත කලාප වල මහා විරු පවුල් පදිංචි කරවීම (සාක්ෂි https://youtu.be/Svkdq6dLA-k?t=11m12s) වැනි දෑ යූඇන්පී ටොයියන්ට නොපෙනුනද, ජාතිමාමක බෙදුම්වාදී නොවන බලවේග වලට උණ ගැනෙන තත්වයකි.

තවත් ඔය 62 ඇතුලේ යූඇන්පීය වැපිරූ බොරු දිරවා ගත නොහී ඡන්දය උන් අයද, හංස රැල්ලට අහුවී ඡන්දය දුන් අයද, සිය පළමු ඡන්දය වෙනසක් කිරීමට දුන් 1990න් පසු ඉපදුණු තරුණ පරම්පරාවද වෙයි. 1990න් පසු ඉපදුනු තරුණ පරම්පරාව දින 100 අවසානයේදිත් වෙලා තී තිබෙන දේ හරියට නොදකින බව පෙනී යයි, එහි ගෞරවය දිය යුත්තේ යූඇන්පීයේ සෝෂල් මීඩියා බලඇණියේ ප්‍රධානීටය. තරුණ මොළ සේදීමේ ක්‍රියාවලිය ඉතා සාර්ථක ලෙසින් ඔවුන් නිම කලේය. එහෙත් රැල්ලට හංසායට ගසා බඩ වියත අහිමි වූ, විශේෂයෙන්ම ඉදිකිරීම් ආශ්‍රිත රැකියා වල නිතර වූ අයටනම් සත්‍යාවබෝධ වී ඇති බව පසක් වේ.

මෛත්‍රීගේ හැට දෙක බෙදෙන්නේ එසේය.( සැයු: කැපුවත් කොළ කියා, යූඇන්පීයෙන් ප්‍රභාකරන් පෙන්නුවද ඡන්දය දෙන අයලුවන් ඇතුලත් කිරීමෙන් වැලකුනෙමි)

දැන් යූඇන්පී සටන් පාඨය, ලක්ෂ 62ක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කර, "මහින්දට නොමිනේෂන්වත් දෙන්න එපෝ.............." යන්නය. යකාගේම ප්‍රජාතන්ත්‍රවාදයකි. මහින්ද ඕනෑ කී ලක්ෂ 58 නොසලකා හැරීම කවර ගණයේ ප්‍රජාතන්ත්‍රවාදයක්දැයි ඇසිය යුතුය


2. හොරුන්ට නොමිනේෂන් එපෝ.....

මෙන්න මේ දේ හොදින් නිරීක්ෂනය කරන්න. පූර්ව ජනාධිපතිවරණ සමයේ යූඇන්පීය මැතිරුවේ "අරූ හොරා, මූ හොරා, මුන් අතනින් ගැහුවා, මුන් මෙතනින් ගැහුවා, මේ හොටලේ මහින්දගේ කෝකියගේ, අර රෙස්ටෝරන්ට් එක හදන්නේ නාමල්...." වැනි මන්ත්‍රය. ජනාධිපතිවරණය අවසානයේ මාස 6ක් පමණ අපි "හොරු අල්ලනවෝ හොරු අල්ලනවෝ" චිත්‍රපටය නැරඹුවෙමු. දැන් මහමැතිවණයට පෙර, එම හොරු පිළිබඳ බ්‍රෑන්ඩ් මාකටිං කිරීම, 'හොරුන්ට නාමයෝජනා එපෝ....' කියන තැනට ස්ථානගත කර ඇත(Brand positioning).

එහෙත් මාස 7කට කිට්ටු කාලයක් පසුවී අවසාන වුවත්, අල්ලපු හොරෙක් නැති. බිලියන් ගණන් හොරා කෑ කී බැසිල් පවා ඇතුලට දැම්මේ ප්‍රතිපත්තිමය වශයෙන් ගත් තීන්දුවක් වැරදී කියමින්ය, එහෙත් අධිකරණය එය නිවරැදි නොවන බව පවසමින් බැසිල්ට ඇප දුන්නේය. සරණ ගුණවර්ධන, ජොන්ස්ටන් හිරේ බලා ආවෝය, ඔප්පු කල හැකි සාක්ෂියක් නොවීය. හොර එතනෝල්කාරයා ලෙස හංවඩු ගැසූ ජොනී ඇතුලට ගියේ සතොසෙන් ණයට බඩු අරන් පීඩාවට පත් ජනතාවට දුන් නිසාය. මහජන මුදල් ගසා කා ගුවන් යානා හිමිකරුවකු වූවා යැයි හංවඩු ගැසූ සජින් වාස් ඇතුලට දමන විට ගුවන් යානා ගැන වචනයක් වත් නොඇසූ බව පැහැදිලිය.

තවත් එක මාකටිං උගුලක පැටලීමට පෙර, යූඇන්පීය ඔබේ මනස සමඟ සෙල්ලම් කරන හැටි දැනගන්න. ජනාධිපතිවරණෙට පෙර හොරා හොරා මාකට් කලේය. එහෙත් කිසිදු හොරෙකු අල්ලා නැතිමුත් තවමත් 'හොරා හොරා' 'හොර නඩය' 'දුෂිත පාලනය' යන වචන යූඇන්පී මන්ත්‍රීවරුන්ගේ කටේ කොච්චර සුලභදැයි නිකමට සිතා බලන්න හරීන් ප්‍රනාන්දු කට ඇරියොත් ඔය හොරා යන වචනය කොපමණ භාවිතා කරනවා දැයි ඊළඟ වතාවේ හොඳින් නිරීක්ෂණය කරන්න. හරීන් එම වචනය දිගට හරහට යොදාගත්තද, එම අවස්ථාවක කවුරුහෝ "හොරු කියන්නේ ඇයි? කෝ සාක්ෂි දෙන්න" කියා ඇසුවොත්, ඔහුට තර්කානුකූල සාධනීය පිලිතුරක් ලබාදීමය හැකි වන්නේ නැත. එය කැට තබා කිව හැකිය. ඔවුන්ට මේ රටේ වැඩක් කර බලය ගැනීම සිහිනයක් වන නිසා ඔවුන් කරන්නේ වැඩ කරන මිනිසා හොරා කියා හංවඩු ගැසීමය. හොරා යන වචනය තව තවත් සමාජගත කිරීමය. මහමැතිවරණයට පෙර දැන් මාකට් කරන්නේ, ජනතාවගේ ඔලුවට දමන්නේ, හොරුන්ට දූෂිතයින්ට ඡන්දය දෙන්න එපා, මහින්ද ඇතුළු නඩය යළි එන්නේ හොරුන් ආරක්ෂා කිරීමට කියමින්ය. ඔවුන් ඇත්තටම හොරුනම්, මේ දින 100 නොව දින 150ක් ගත වෙලත් යහපාලන ආණ්ඩුව ඔවුනට දඬුවම් නොදී සිටී යැයි ඔබ විහිළුවටවත් සිතනවාද? කිසිසේත් නැත.

දැන් මේ 'හොරා හොරා' 'මහින්ද සමඟ ඉන්නේ තක්කඩි' 'මහින්ද ආයේ එන්නේ හොරු බේරගන්න' 'මහින්ද නැතුව හොරු අනාථයි' යන්න සමාජගත කරන පෙරමුණු ගැන පොඩ්ඩක් බලන්න

1. යූඇන්පීයේම මැති ඇමතිවරුන්(හොරු හොරු කීවට කිසිම සාධකයක් නැත. මේ එලෙස නාගත් එක අවස්ථාවක් https://www.facebook.com/newsfirst.english/videos/vb.119154468144820/930144237045835/?type=2&theater.)
2. අලුත් පරපුර/ පුරවැසි බලය උද්ඝෝෂන
3. සිරස වැනි මාධ්‍ය
4. රනිල්ගේ පැටියා අනුර
5. සෝෂල් මීඩියා
6. මාධ්‍යවේදීන්, විශේෂයෙන් සෝෂල් මීඩියා

මහින්දගේ යුධ සෙන්පතියෝ කොටින්ට යුධ පෙරමුණු කීපයකින් ගැසුවේය. එක් පෙරමුණක් ඉලක්ක කර කොටින්ට ප්‍රතිප්‍රහාර දියත් කිරීම ලේසි පහසු නොවීය. සිව්වන ඊලාම් යුද්ධයේ සාර්ථකත්වයට බලපෑ හේතු අතරින් මෙය ප්‍රධාන හේතුවකි. දැන් රනිල්, මහින්ද හොරා යන මතය පෙරමුණු කිහිපයකින් සමාජ ගත කරයි. වැඩ බැරි ආන්ඩුවක් උවත්, රනිල්ගේ මාකටින් කැම්පේන් එක කරන අය පැසසිය යුතුය. මෛත්‍රී යනු රැල්ලකි. රැල්ලට පැවැත්මක් නැත. හොඳම උදාහරණය සුපර්ස්ටාය. සුපර්ස්ටාලා කී දෙනෙක් දැන් ජනතාවට මතක ඇත්දැයි ඔබම සිතා බලන්න. 

රනිල් පෙරමුණු කීපයකින් ජනමතයට විස පොවමින් සිටී. යූඇන්පී මැති ඇමතිවරු පමණක් නොව, යූඇන්පී නොවන, එහෙත් යූඇන්පී ඍජු සම්බන්ධකම් දක්වන අලුත් පරපුර, පුරවැසි බලය. ජේවිපී පෙරමුණු මෙහිදී යොදා ගැනේ. විශේෂයෙන්ම ජේවීපී නායක අනුර කුමාරගේ ෆෙස්බුක් පිටුව බලන්න. ඔහු තරඟ කරන්නේ මහින්ද සමඟ පමණි. රනිල් නම් ප්‍රතිවාදියෙක් ඔහුට ඇත්තේම නැත. මේ ඔහු එජාපයේ 'හොරා හොරා' කැම්පේන් එකට මිනිස්සුන්ට නොදැනී සප් එක දෙන ආකාරයයි. 3.31 මිනිත්තුවේ සිට බලන්න. https://www.facebook.com/anurakumara/videos/vb.267207983433656/472188306268955/?type=2&theater.  
මීට අමතරව විශේෂයෙන් සෝෂල් මීඩීයා සිටින ජනමාධ්‍යවේදීන්, උදාහරණ ලෙස රාවය නාලක ගුණවර්ධන, නාමිනී විජේදාස වැන්නවුන් දැඩි ලෙස පක්ෂග්‍රාහී මත 'ජනමාධ්‍යකරණය' නැමති ලේබලය යටතේ බෙදා හරී. උදා: https://twitter.com/NalakaG/status/617543520987906049. ජනමාධ්‍යවේදියකු අපක්ෂපාත විය යුතු යැයි අප අසා ඇත්තෙමු, ඒත් මේ කරන්නේ රනිල්ගේ කොන්තරාත්ය. එකිනෙකට වෙනස් පෙරමුණු කීපයකින් 'හොරා හොරා' සමාජගත කරන විට සාමාන්‍ය ජනවිඥානයට එය දැඩිසේ කාවැද්ද විය හැක. රනිල් ප්‍රමුඛ ජඩ නඩේ කරන්නේ එයයි.

මෙය කියවන ඔබෙන් ඉල්ලා සිටින්නේ, මේ කරන දේ තේරුම් ගන්න කියාය. හොරු ඇත්නම් උන් හිරේ දැමීමට ඕනවටත් වඩා කාලයක් යහපාලන රජයට තිබුනි. දැන් ඒ කතා කිසිවක් නැතිව වෙන කතාවක් පටන් අරගෙන තිබේ. හොරු එලවන්න අවශ්‍යනම් බැඳුම්කර වංචාවෙන් එළිපිට ඔප්පු වූ රනිල් එලවා පටන් ගත යුතුය. එහෙත් එය එසේ නොවෙයි. කරුණාකර දැනුවත් වන්න, තව වරක් ගොනාට ඇඳගෙන බෙදුම්වාදී අදහස් වලට හැමදාම සහය දුන් යූඇන්පීයට(අතෝරක්වන සාක්ෂි අතරින්, එකල කොටින්ගේ නැගෙනහිර නායකයා වූ කරුණා අම්මාන් වරක් පැවසුවේ ප්‍රේමදාස ආයුධ දී 350 ව සිටි කොටි ප්‍රමාණය 6000 දක්වා මාස 3න් වැඩිකර දුන් බවය. සාක්ෂි: https://youtu.be/odHSunSt5hM?t=1m18s ) රජයක් පිහිටුවීමට දී, මේ ලස්සන රට කෑලී 3කට කැඩීමට ඉඩ දෙන්න එපා!





5 comments:

  1. Your articles is great! The biggest hora is Arjuna Mahendran and his supporter! JVP never accuses Ranil! Anura is a real UNP petiyek! Their guiding force is jealousy and hatred! For them Yahapalana Ranil is greater than the hero who saved the country. Marxists are the real opportunists! Example: vikrama bahu!

    ReplyDelete
  2. What a thought provoking and informative post! Great to see you write in Sinhalese too!

    ReplyDelete
    Replies
    1. Thank you, Will right here and there Sinhala articles too

      Delete
  3. එල. කාලෙකින් බ්ලොග් බලන්න ආවේ නැහැ .. මේක හිරිකිත ටොයියන්ගේ පාරාදීසයක් වෙලා තිබ්බ හින්ද. පහුවෙලා හරි සත්‍යය සමාජගත වීම හොඳ දෙයක්.

    ReplyDelete